ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 2015 වසරේ පිහිටවූ රජයේ, අමාත්‍ය ධුරයක් දරන සමයේ සිදුවූ බව කියන වංචාවක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
ඒ අනුව අඳාළ පැමිණිල්ල ඉදිරිපත් කළ පාර්ශවය අදාළ කාලසීමාව තුළ ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් පිරිසක් ජලනි ප්‍රේමදාස මහත්මියගේ පෞද්ගලික ආයතනයක රාජකාරී සඳහා යොදවා තිබූ බව සඳහන් කරයි.
එමෙන්ම එම පැමිණිල්ලේ රජයේ සේවකයින් දහනම දෙනෙකු ඉංජිනේරු සංස්ථාවේ සේවයට අදාළ නොවන එහෙත් ඔවුන්ගේ පෞද්ගලික වැඩවලට, ඇමති බිරිඳගේ වැඩවලට සහ ඔහුගේ දේශපාලන වැඩවලට යොදවාගෙන ඇති බවත් කියා ඇති බව වාර්තා වේ.
