දිවයින පුරාම ඇති සිසුන් අඩු පාසල්වලට ඇත්තටම වෙන්නේ මේකයි, සියලු පාසල්වලට රජයෙන් දැනුම්දෙයි

Ministry of Education Sri Lankan Schools Education schools Sinhala news
By Kaushi Aug 28, 2025 02:03 PM GMT
Kaushi

Kaushi

Report

සිසුන් 50ට අඩු පාසල් වසාදැමීමට රජය තීරණය කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එම පාසල් සියල්ල එකවර වසාදැමීමට තීරණයක් ගෙන නොමැති බව ප්‍රකාශ කරයි.

ඒ අනුව එම අමාත්‍යංශය සඳහන් කරන්නේ ඒ ඒ පාසල්වල තත්ත්වය අනුව අවශ්‍ය තීරණ ගන්නා බවයි.

එසේම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල් 1000කට වැඩි සංඛ්‍යාවක් වසාදැමීමට ඉඩ ඇති බවට කෙරෙන ප්‍රකාශවලට ප්‍රතිචාර ලෙස අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ජනමාධ්‍ය හමුවේ එක් එක් පාසලේ තත්වය අනුව තීරණ ගන්නා බව සඳහන් කළා.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

මේ අතර ලේකම්වරයා පැවසුවේ අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සෑම පාසලක්ම වසා දැමීමට කිසිදු සූදානමක් නැති බවත්, පළමුව අදාළ අධ්‍යාපන කලාපයේ පාසලක් සංවර්ධනය කර පසුව පමණක් තීරණය කරන බවත් ය.

තවද ප්‍රදේශයේ වෙනත් පාසල් තිබියදී සිසුන් අඩුවෙන් ඇතැම් පාසල් පවත්වාගෙන යෑමේ අරමුණක් නැති බවත්, එවැනි අවස්ථාවලදී රජයට ඒවා වසාදැමිය හැකි බවත් ඔහු දක්වයි.

එසේම ඔහු තවදුරටත් පැහැදි කළේ සෑම අධ්‍යාපන කලාපයකම පාසල් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක වන බවත්, යම් පාසලක් පවත්වාගෙන යෑම ප්‍රායෝගික නොවන බව ඔප්පු වන විට පමණක් වසාදැමීම සලකා බලන බවත් ය.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

මින් පෙර වාර්තා වූයේ රට පුරා පිහිටි පාසල් 10,194න් සමස්ත පාසල් 1,486ක සිසුන් 50 ට අඩු සංඛ්‍යාවක් සිටින බවයි.

ඒ අනුව එවැනි පාසල් අතරින් උතුරු පළාතේ 275ක, මධ්‍යම පළාත 240, සබරගමුව පළාත 230, ඌව පළාත 158, නැගෙනහිර පළාත 141, වයඹ පළාත 133, දකුණු පළාත 125, උතුරු මැද පළාත 111 සහ බස්නාහිර පළාත 113 ඇති බව එම වාර්තාවල සඳහන්.

ඒ අනුව සිසුන් අඩු පාසල් වසාදමා ඒවායේ සිසුන් අවට පාසල්වලට යොමුකිරීමට පියවර ගන්නා බව අදාළ බලධාරීන් සඳහන් කරයි.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්