ලෝකයක් ආදරය කරන බොලිවුඩ් නිළියක් වන ජැකලින්ගේ මව මෙලොව හැර දා යයි
ලෝකෙම ආදරේ කරන ලාංකේය සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ ආදරණීය මව වන කිම් ෆර්නැන්ඩස්, අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඊයේ (06) ඇය මුම්බායි හි පෞද්ගලික රෝහලක හෘදයාබාධ තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මිය ගිය බව ඉන්දීය ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව මාර්තු 24 වැනිදා සිට ජැකලින් ද තම මව සමඟම සිටි බවයි සඳහන් වන්නේ.
පසුගිය මාසයේ ගුවහාටි හි පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජැකලින් ඇගේ රංගනය පවා මඟ හැරියේ මව සමීපයේ සිටීමට බවයි වාර්තා වන්නේ.
ඇයගේ මව කිම් ෆර්නැන්ඩස්, මැලේසියානු සහ කැනේඩියානු සම්භවයක් ඇති කාන්තාවකි.
බහරේනයේ ගුවන් සේවිකාවක් වූ ඇය, සිංහල සහ දෙමළ ජනතාව අතර පැවති සිවිල් නොසන්සුන්තාවයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාවෙන් බහරේනයට සංක්‍රමණය වී තිබෙනවා.
පසුව 1980 ගණන්වලදී ඇයට ශ්‍රී ලාංකික-බර්ගර් ජාතික එල්රෝයි ෆර්නැන්ඩස් හමුව ඔහු සමඟ විවාහ වී තිබෙනවා.
