ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පැවති පැවති සාකච්ඡාව සාර්ථකයි

Report

අද (07) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක්  ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිඛෙනවා.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) සිව්වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළඟා කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා වී ඇති බවත්, එමෙන්ම ඇමෙරිකාවේ නව තීරුබදු පැනවීම හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේම අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

චාමර සම්පත් යළි රිමාන්ඩ්

චාමර සම්පත් යළි රිමාන්ඩ්

අපි කියන්නේ ඇත්තමයි...මාලිමාව බොරු කියන්නේ නැහැ....

අපි කියන්නේ ඇත්තමයි...මාලිමාව බොරු කියන්නේ නැහැ....