අද රන් මිල වෙනස් වුණු හැටි – මිල ගණන් මෙන්න
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ රන් මිල සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවතිණි. මේ අනුව, පසුගිය දින දෙක තුළ අඛණ්ඩව ඉහළ ගිය රන් මිල අද (23) නැවතත් ඉහළ ගොස් ඇත.
අද වන විට රන් අවුන්සයක මිල රුපියල් 1,034,424ක් ලෙස වාර්තා වේ. එසේම, කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 36,490ක් ලෙසත්, කැරට් 24 රන් ග්‍රෑම් 8ක මිල රුපියල් 291,950ක් ලෙසත් වාර්තා වේ.
කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 33,450ක් ලෙසත්, කැරට් 22 රන් ග්‍රෑම් 8ක මිල රුපියල් 267,600ක් ලෙසත් වාර්තා වේ. කැරට් 21 රත්තරන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,930ක් ලෙසත්, කැරට් 21 රත්තරන් ග්‍රෑම් 8ක (රාත්තලක) මිල රුපියල් 255,450ක් ලෙසත් වාර්තා වීම විශේෂත්වයකි.