සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමාරම්භක දිනය අද...

Report

අද (20) දිනයේ දී, ඩොලර් මිලියන 6ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) නිල වශයෙන් ආරම්භ කිරීම සිදු කෙරිණි.

එය සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් එක්ව ඊට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කළේ ය.

ඊට සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට කොළඹ නාවික හමුදා මූලස්ථානයේ මධ්‍යස්ථානයක්, හම්බන්තොට උප මධ්‍යස්ථානයක් ඇතුළුව ගාල්ල, ආරුගම්බේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්ලරාව, පේදුරුතුඩුව සහ මොල්ලිකුලම් යන ප්‍රදේශ ආශ්‍රිත මිනිසුන් රහිත සවිකිරීම් ද ඇතුළත් වේ.

ස්ත්‍රී පුරුෂ සමානතා පනත් කෙටුම්පතට ගිනි තබයි. - (VIDEO)

ස්ත්‍රී පුරුෂ සමානතා පනත් කෙටුම්පතට ගිනි තබයි. - (VIDEO)

ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කිරීම ද ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.

එමෙන් ම, ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැගින් භාරදීම ද මෙහිදී සිදුකළ බවයි.