රනිල්ව බලන්න දේශපාලන ලොක්කොත් එක්ක අනුගාමිකයොත් රොත්ත පිටින් අධිකරණයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමත් සමග හිටපු දේශපාලඥයින් කිහිපදෙනෙකු ද අධිකරණ භූමියට පැමිණ ඇත.
එසේම මේ අතර හිටපු ජනාධිපතිවරයාට සහය දක්වන පාක්ෂිකයින් විශාල පිරිසක් ද අධිකරණ භූමියට රැස්ව තිබෙනවා.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාව අධිකරණය වෙත රැගෙන ඒමත් සමඟ එම භූමියේ ආරක්ෂාව දැඩි කර තිබුණා.
අද (22) දහවල්දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි විටයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් වශයෙන් තම බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන්.
ඒ සම්බන්ධව ජුනි 24 වෙනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබුණා.
පසුව අඳාළ විමර්ශනයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර තිබුණා.