මෙරට සියළු වාණිජ බැංකු වලින් විශේෂ ඉල්ලීමක්...
ඩොලරයේ මිල රුපියල් 200 – 203 ක ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යන ලෙස මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සියලු බලපත්‍රලාභී බැංකු ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.
නමුත් ඊයේ (07) දිනයේ දී සියලු වානිජ බැංකු විසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 203.00 ක් ලෙසින් ස්ථාවර අගයයක් ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද නිල නොවන දැනුම් දීමක් අනුව බවයිවාර්තා වන්නේ.
කෙසේ වෙතත් රටේ මුල්‍ය ප්‍රජාවේ වගකිව යුතු සාමාජිකයින් වශයෙන්, විනිමය අනුපාතිකයන් සාමාන්‍යයෙන් එකඟ වූ රුපියල් පරාසයක පවත්වා ගෙන යන බවට සහතික වීම සඳහා, ඩොලරයකට රු. 200 – 203 සහ ඊට අනුරූපව මෙම එකඟ වූ අනුපාත පරාසයෙන් ඔබ්බට අනුපාතය පිරිහෙන්නේ නැති බව සහතික කිරීම සඳහා මම ඔබේ ක්‍රියාකාරී හා ස්ථිරසාර සහයෝගීතාව අවශ්‍යය බවයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී ඉල්ලා තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා පවසන්නේ මෙය ඩොලරයේ කළු කඩ මිල සීඝ්‍රයෙන් ඉහළ යාමට මෙම පියවර හේතුවනු ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |