අපි බංකොලොත් රටක් අරන් ගොඩදැම්මා දැන් කවුරුත් කරවිල කාලා බඩගින්නේ ඉන්නේ නෑ
ජනතා විමුක්ති වුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සති අන්ත පුවත්පතක් හා සාකච්චා කිරීමකදී පවසා ඇත්තේ, වර්තමාන ආණ්ඩුවේ වසරක කාලය තුළ කිසි තැනක කුසගින්න ගැන ආරංචියක් නැති බවයි.
“අපි හිතනවා මිනිස්සුන්ගේ ගින්න සෑහෙන්න නිව්වා කියලා. අපි ගත්තේ බංකොලොත් රටක්. ඇතැම් තැන්වල මිනිස්සුන්ට කන්න නැහැ. කරවිල කාලා ජීවත් වෙන්නේ වගේ කතා වාර්තා වුණා.
නමුත් මේ ආණ්ඩුවේ අවුරුද්ද ඇතුළත අපිට කොහෙවත් කුසගින්නක් ගැන ආරංචියක් නැහැ. බඩු මිල අපි පාලනය කරලා තියෙන්නේ. ඊට වැඩිය ගොඩක් වැඩියෙන් මිල තිබුණෙ එදා.
ව්‍යාපාරිකයන්ගෙන් ඇහුවොත් කවුරුත් කියනවා වෙළෙඳපොළේ භාණ්ඩ විකිණීම වැඩියි කියලා. අවුරුද්දක් තුළ අපි ආර්ථිකය ස්ථාවර කළා. නමුත් අපිට දිගු ගමනක් යන්න තියෙනවා. ඒත් මේ ටික කාලෙට අපි මිනිස්සුන්ට කොච්චර සහන දීලා තියෙනවද. ගොවි ජනතාවට දුන්නු පොහොර සහනාධාරය 25,000ක් කළා. දුප්පත් දරුවන්ට පාසල් උපකරණ ගන්න හයදාහක් දුන්නා ජනවාරි ඉඳලා.
ඒ වගේම අස්වැසුම ලබන අයගේ අස්වැසුම වැඩි කළා. අස්වැසුම කාලය දීර්ඝ කළා. අමාරු ආර්ථිකයක් තියෙන වෙලාවත් අපි මිනිස්සුන්ට සහන දුන්නා දේශපාලනයේ අපේ වරප්‍රසාද කපලා. ඒකයි තේරුම් ගත යුත්තේ” ලෙසයි.