නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

Report

තමිලග වෙට්රි කලගම් පක්ෂ නායක නළු තලපති ජෝසප් විජේ පවසා ඇත්තේ තමා නායකයා අහිමි වූ ඊලාම් දෙමළ ජනතාව වෙනුවෙන් ද හඬ නඟන බවයි. තමිල්නාඩුවේ නාගයි දිස්ත්‍රික්කයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී විජේ මෙම ප්‍රකාශය කළේය.

මෙන්න කටුනායක ගුවන්තොටුපොළේ පිරිමි වැසිකිළියෙන් හමුවුණ භාණ්ඩය පොලීසියත් හොල්මන්

මෙන්න කටුනායක ගුවන්තොටුපොළේ පිරිමි වැසිකිළියෙන් හමුවුණ භාණ්ඩය පොලීසියත් හොල්මන්

තම පෙකණි වැල ඥාතීන් වන ඊලාම් දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නැගීම තම යුතුකම බව ද ඔහු පැවසීය.

ද්‍රවිඩ පක්ෂ මෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් ඊලාම් දෙමළ ජනතාව රැවටෙන්නේ නම්, ඔවුන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ද විජේ ප්‍රකාශ කළේය.

ලෝකයේ ඕනෑම ප්‍රදේශයක වේවා ඔවුන් වෙනුවෙන් හඬ නඟන බව තමිල්නාඩු තමිලග වෙට්රි කලගම් පක්ෂ නායක ජෝසප් විජේ තවදුරටත් පැවසීය.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

නාම් තමිලර් පක්ෂයේ නායක සීමන් මේ දක්වා ඊලාම් දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නඟමින් සිටියද, අද දින පළමු වරට විජේ සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබීම සැලකිය යුතු කරුණකි.