ලබන වසරේ ජනවාරි 1 සිට - රාජ්‍ය ව්‍යවසායයන්හි සාමූහික ගිවිසුම් සඳහා නව ප්‍රතිපත්ති රාමුවක්

Report

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ රාජ්‍ය ව්‍යවසායයන්හි සාමූහික ගිවිසුම් සඳහා කාර්ය සාධනය හා තිරසරභාවය පදනම් කරගත් නව ප්‍රතිපත්ති රාමුවක් 2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටයි.

දැනට ක්‍රියාත්මක සාමූහික ගිවිසුම්වල පවතින නියමයන් හා කොන්දේසි 2026 දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමටත්, 2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සංශෝධිත රාමුවක් සකස් කිරීමටත් 2026 මැයි 11 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න

ඒ අනුව, භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවක් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව, රාජ්‍ය ව්‍යවසායයන්හි සාමූහික ගිවිසුම් සඳහා කාර්ය සාධනය හා තිරසරභාවය පදනම් කරගත් රාමුව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කර ඇත.

කාර්මික ආරවුල් පනත, වෘත්තීය සමිති ආඥාපනත, සාප්පු හා කාර්යාල සේවක නීති ඇතුළු අදාළ කම්කරු නීතිවලට අනුකූලව රාජ්‍ය ව්‍යවසායයන්හි සාමූහික ගිවිසුම් ක්‍රියාත්මක කිරීම මෙම රාමුව මඟින් නිර්දේශ කළ අතර ලාභ බෙදාහැරීම් සහ ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් ද නිර්දේශ ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු සඳහා - පුරවැසියන් වෙනුවෙන් නව තීන්දුවක් ප්‍රකාශයට

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු සඳහා - පුරවැසියන් වෙනුවෙන් නව තීන්දුවක් ප්‍රකාශයට

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම නව ප්‍රතිපත්ති රාමුව 2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලබයි.