කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව නොවැම්බර් 03 වැනිදා විවාදයට
විපක්ෂය විසින් භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව එළඹෙන නොවැම්බර් 03 වැනි අඟහරුවාදා දින විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීමේදී කථානායකවරයා පක්ෂපාතී සහ ප්රජාතන්ත්රවාදී නොවන ක්රියාකලාපයක් අනුගමනය කර ඇති බවට චෝදනා කරමින්, ඔහු එම ධුරයට නුසුදුසු බව පවසමින් විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.
බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං
චෝදනා 50ක් පදනම් කරගනිමින් සකස් කරන ලද අදාළ යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 44 දෙනෙකු අත්සන් තබා ඇති අතර, එය පසුගිය ඔක්තෝබර් 09 වැනිදා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාරදෙනු ලැබීය.
නොවැම්බර් 03 වැනිදා සිට 06 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පසුගිය 23 වැනිදා කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එදිනට අදාළ න්යාය පත්රය තීරණය කර ඇත.
ඒ අනුව නොවැම්බර් 03 වැනිදා විශ්වාසභංග යෝජනාවත්, නොවැම්බර් 04 වැනිදා ආනයන හා අපනයන පාලන පනත යටතේ වන රෙගුලාසි සහ පරිපූරක ඇස්තමේන්තුවත්, නොවැම්බර් 05 වැනිදා සභාව කල්තැබීමේ යෝජනාවත් විවාදයට ගැනීමට නියමිතය.
නොවැම්බර් 06 වැනි සිකුරාදා දිනය පෞද්ගලික මන්ත්රී යෝජනා සඳහා වෙන් කර තිබේ.