සුළි කුණාටු බලපෑම හෙට සිට අඩුවේ - ඒත් පළාත් සහ දිස්ත්රික්ක රැසකට මිලිමීටර් ගණනින් වැසි සහ පැ.කි.මී. 50ක තද සුළං
බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ‘'අර්නබ්'' (Arnab) ඉතා ප්රබල සුළි කුණාටුව අද (27) පෙරවරු 11.30 වන විට උතුරු අක්ෂාංශ 16.2 සහ නැගෙනහිර දේශාංශ 83.7 ආසන්නයේ කේන්ද්රගතව පැවති බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
එම ස්ථානය කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 800ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබේ. මෙම සුළි කුණාටුව හෙට (28) පෙරවරු 11.30 වන විට ඉතා ප්රබල සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වීමට බොහෝ දුරට ඉඩ ඇති බව අපේක්ෂා කෙරේ.
ඒ අනුව, මෙම කාලගුණ පද්ධතියෙන් ශ්රී ලංකාවේ කාලගුණ තත්ත්වයට ඇති වන බලපෑම හෙට දිනයේ සිට ක්රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පළාත් කිහිපයකට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වරින් වර වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවල ද පස්වරු 1.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතී.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බවට අනාවැකි පළ කර තිබේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි
බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්- හෙට රාත්රී 11.30 දක්වා බලාත්මක වන පරිදි අකුණු අනතුරු ඇඟවීම්