ශ්රී ලංකාව පාකිස්තානය පරදා සුපිරි ජයක් වාර්තා කරයි - සිංහයෝ ජය මාවතේ ඉදිරියටම
පාකිස්තානයට එරෙහිව ලාහෝර්හිදී පැවති එක්දින තුන්කොන් තරගාවලියේ පස්වැනි තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 25.3කදී ලකුණු 110කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී දිල්ෂාන් මධුශංක ලකුණු 34කට කඩුලු 5ක් දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.
ලකුණු 111ක ඉලක්කය හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.1කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 114ක් ලබාගනිමින් තරගයේ ජය තහවුරු කළේය. කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 62ක් රැස් කළ අතර පවන් රත්නායක නොදැවී ලකුණු 23ක් ලබාගත්තේය.