සම්පත් මනම්පේරී නීතිය නොමග යවන්න බොරු විදලා - මෙන්න විස්තරේ

Report

අයිස් මත් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව පොහොට්ටුවේ හිටපු ක්‍රියාකාරී දේශපාලඥයෙක් වන සම්පත් මනම්පේරි නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුණි.

නමුත් ඔහු සැඟවී සිටි අතර පසුව ඔහු විසින්ම නීතියට ඔහු  විසින්ම භාර වීම සිදුවිය. මේ වන විට පොලිසියේ විවිධ විමර්ශන සිදු කරමින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන අතර සැකකරු පොලිසිය නොමග යැවීම සඳහා විවිධ ප්‍රකාශන් සිදු කරන බව පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි. 

තමා නිතර නිතර බස් නැවතුම්පොළවල්වල නිදාගත් බවද තමාගේ ජංගම දුරකථනය එහිදී අතුරුදන්වූ බවද මෙම සැකකරු පොලිසියට පවසා තිබේ.

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

කෙසේ වෙතත් මොහු රාත්‍රී කාලවලදී නිදාගත් බව කියනු ලබන පිටකොටුව බස් නැවතුම්පොළ අද්දර පිහිටි ආරක්ෂක කැමරා පද්ධතිය විමර්ශනයට ලක් කරගෙන යන බවද පොලිසිය කියයි. මනම්පේරි සිය ජංගම දුරකථනය අතුරුදන්වූ බව පවසා ඇත්තේ ඔහු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් රැසක් මුදා ගැනීමේ අදහසින් යැයි ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

කෙසේ වෙතත් ඔහු මෙතෙක් අනාවරණය කළ පුද්ගලයන් කීපදෙනා පිළිබඳව කරන විමර්ශන අනුව ඉදිරියේදී මෙම සිද්ධියේ රහස් තොරතුරු රැසක් අනාවරණය විය හැකි යැයි ද පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය නාශක අංශය පවසන ආකාරයට කෙහෙල්බද්දර පද්ම ඇතුළු කල්ලිය පොලිසියට කොටුවීමෙන් පසු මත්ද්‍රව්‍ය හිඟයක් ද ඇතිවී තිබේ.

මුදල් යහමින් ලැබෙන වියදම් අඩු සිකුරා රජයන අද ලග්න පලාපල

මුදල් යහමින් ලැබෙන වියදම් අඩු සිකුරා රජයන අද ලග්න පලාපල