අභිෂේක් ශර්මා පිටිය දෙවනත් කරමින් ශතකයක් වාර්තා කරයි - ඉන්දියාවට තරගාවලි ජයත් හිමි වෙයි [FULL HILIGHT]

Report

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ අනුව, තරග පහකින් සමන්විත තරගාවලියේ පළමු තරග තුනම ජය ගනිමින් තරගාවලියේ ජය කලින්ම තහවුරු කර ගැනීමට ඉන්දියාවට හැකි විය.

වෙලින්ටන්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 198ක් රැස් කළේය.

එම ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 13.2කදී කඩුලු 4ක් දැවී ලකුණු 199ක් ලබා ගනිමින් තරගයේ ජය හිමි කර ගත්තේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගඩාෆි ක්‍රීඩාංගණය කළඹයි - පාකිස්තානය ලකුණු 110කට දැවී යයි

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගඩාෆි ක්‍රීඩාංගණය කළඹයි - පාකිස්තානය ලකුණු 110කට දැවී යයි

අභිෂේක් ශර්මාගෙන් වේගවත් ශතකයක්

ඉන්දීය ජයග්‍රහණයේ ප්‍රධානතම පිතිකරුවා වූ අභිෂේක් ශර්මා පන්දු 38කදී ලකුණු 113ක් රැස් කළේය.

ඔහුගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 11ක් ඇතුළත් විය.

ඔහු සමඟ ඉනිම ආරම්භ කළ යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි ද වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 19කදී ලකුණු 45ක් රැස් කළේය.

එම ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

මෙම පිතිකරුවන් දෙදෙනාගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හමුවේ ඉන්දීය කණ්ඩායමට ඉලක්කය පහසුවෙන් හඹා ගොස් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට හැකි විය.

ලෝක ක්‍රිකට් පිටිය හොල්ලපු ශ්‍රී ලංකාවේ අසහාය ශ්‍රේෂ්ඨයාගේ උපන්දිනය - කුමාර් සංගක්කාරට සුබ උපන්දිනයක්

ලෝක ක්‍රිකට් පිටිය හොල්ලපු ශ්‍රී ලංකාවේ අසහාය ශ්‍රේෂ්ඨයාගේ උපන්දිනය - කුමාර් සංගක්කාරට සුබ උපන්දිනයක්

ඩැරල් මිචෙල්ගෙන් නොදැවුණු ලකුණු 89ක් නවසීලන්ත ඉනිම වෙනුවෙන් ඩැරල් මිචෙල් පන්දු 52කදී නොදැවී ලකුණු 89ක් රැස් කළේය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය. බෙවන් ජේකබ්ස් පන්දු 23කදී නොදැවී ලකුණු 39ක් ලබාගත් අතර, ෆින් ඇලන් ලකුණු 40ක් රැස් කළේය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 198ක් ලබා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත්, අභිෂේක් ශර්මාගේ ප්‍රවේගවත් පිතිහරඹය හමුවේ නවසීලන්තය ලබාදුන් ලකුණු 199ක ඉලක්කය හඹා යාමට ඉන්දියාවට හැකි විය.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

''ලකුණු 200ක් ගත්තත් ජයග්‍රහණය කරන්න බැරි වුණා'' - ලකුණු 430ක වාර්තාගත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව ගැන හැරී බෲක් කියූ කතාව

''ලකුණු 200ක් ගත්තත් ජයග්‍රහණය කරන්න බැරි වුණා'' - ලකුණු 430ක වාර්තාගත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව ගැන හැරී බෲක් කියූ කතාව