මෙහෙමත් ගේම් - ටික් ටොක් එකෙන් යාලු වෙලා බැංකු නිලධාරියාගේ ලක්ෂ ගානකට විදලා
බොරලැස්ගමුව පොලිසිය විසින් ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයකු සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වා රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමක් සහිත දේපළ සොරකම් කරගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පැමිණිල්ලේ සඳහන් වන පරිදි ඔහු සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් මිතුරා තමන් බොරලැස්ගමුව කටුවාවල ප්‍රදේශයේ හෝටලයකදී 19 වැනිදා රාත්‍රියේ හමුවී, එදින එම පුද්ගලයා ඔහුට සුවඳ විලවුන් වර්ගයක් ආග්‍රහණය කරවා සිහිසුන් කළ බවයි.
පසු දින අවදි වී බැලීමේදී, තමන් පැලඳ සිටි පවුම් තුනහමාරක් බරැති රන් භාණ්ඩ, බැංකු කාඩ්පත, සහ කාඩ්පතින් රුපියල් දෙලක්ෂ පනස් අට දහසක මුදල් ලබාගෙන ඇති බවට ඔහු දැනගෙන ඇත.
මෙලෙස මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ, කෝට්ටේවීදිය බටුහේන ප්‍රදේශයේ පදිංචි, ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකුවක සේවය කරන පුද්ගලයෙකු බවත් සඳහන් වේ.