විවාහක වයස 24 ක් වූ ටික් ටොක් පෙම්වතිය ගෙන්වාගෙන සමූහ දුෂණය කරලා
ඊච්චලම්පත්තු පොලිසිය සඳහන් කරන පරිදි "ටික් ටොක්" හරහා හඳුනාගත් වයස අවුරුදු 24 ක විවාහක කාන්තාවක් ලංකා පටුන ප්‍රදේශයට ගෙන්වා සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මෙම කාන්තාව තම සැමියාගෙන් වෙන්ව, පියා සමග තෝපූර්, වීරමහානගර්හි වයස අවුරුදු 6 ක් වන පිරිමි දරුවා සමඟ ජීවත්වෙමින් සිටි අයෙකි.
පොලිසිය අනාවරණය කරන පරිදි එහිදී තරුණයෙකු විසින් "ටික් ටොක්" හරහා මෙම කාන්තාව හඳුනාගෙන, පසුව වට්ස් ඇප් සම්බන්ධතා මගින් කාන්තාව ලංකා පටුන ප්‍රදේශයට පැමිණීමට දැනුම් දී ඇත.
එවිට ප්‍රධාන සැකකරු යතුරුපැදියකින් කාන්තාව රැගෙන මිතුරෙකුගේ නිවසට ගොස් සමූහ දූෂණය සිදු කළ බව අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16, 17 සහ 18 වන පසු වයස්වල පුද්ගලයින් බවත්, එම කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලක් මත කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.එම්. සංජීව බණ්ඩාරගේ මෙහෙයවීමෙන්, ඊච්චලම්පත්තු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.එම්. ඩෙනිප් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් කර ඇත.
සැකකරුවන් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඊච්චලම්පත්තු පොලිසිය තවදුරටත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.