ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි - පරිස්සම් විය යුතු පළාත් මෙන්න

Report

ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

මෙම අවවාදාත්මක නිවේදනය අද (18) පෙරවරු 11ට නිකුත් කර ඇති අතර, අද රාත්‍රී 11.30 දක්වා එය වලංගු වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.   

අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමට රු. මිලියන 70,000ක සමෘද්ධි ණය

අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමට රු. මිලියන 70,000ක සමෘද්ධි ණය

ලොව පුරා පොකුරු බෝම්බ තර්ජනය අහෝසි කිරීමට ශ්‍රී ලංකාවෙන් ලාඕසයේදී ප්‍රබල ප්‍රකාශයක්

ලොව පුරා පොකුරු බෝම්බ තර්ජනය අහෝසි කිරීමට ශ්‍රී ලංකාවෙන් ලාඕසයේදී ප්‍රබල ප්‍රකාශයක්

Gallery