ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි - පරිස්සම් විය යුතු පළාත් මෙන්න
ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.
මෙම අවවාදාත්මක නිවේදනය අද (18) පෙරවරු 11ට නිකුත් කර ඇති අතර, අද රාත්‍රී 11.30 දක්වා එය වලංගු වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.