අද 11 වෙනකල් - විශේෂ නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර ඇත.
ඒ අනුව අද (18) දින දහවල් 12.00ට නිකුත් කරන ලද එම නිවේදනය අද ප.ව. 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එහි සඳහන් ආකාරයට මධ්‍යම, උතුරුමැද, සබරගමුව, ඌව, සහ වයඹ පළාත්වලත් අම්පාර, මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතියි.
එසේම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් සඳහන්.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.