සෙව්වන්දිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Report

නේපාලයෙන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල කල්ලි නායක, ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු තිදෙනෙකු සදහා පොලිසියට දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලැබී තිබේ.

මෙම පිරිස, විශේෂ මෙහෙයුමකින් පසු නේපාලයෙන් අත්අඩංගුවට ගෙන ආ අතර, පසුගියදා ශ්‍රී ලංකා පොලීසිය විසින් දිවයිනට රැගෙන එනු ලැබුවා.

දිවයිනට රැගෙන ආ පිරිස අතර ඉෂාරා සෙව්වන්දිට අමතරව, ඇයට මෙරටින් පළා යෑමට සහාය දැක්වු ජැෆ්නා සුරේෂ්, ජේ.කේ.බායි, කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලයට සම්බන්ධ ගම්පහ බබා, නුගේගොඩ බබී සහ තක්ෂි යන පිරිසද ඇතුළත් වේ.

ඉෂාරාගේ දුරකථනය වළදමා තිබියදී හමුවේ - තොරතුරු රැසක් එළියට

ඉෂාරාගේ දුරකථනය වළදමා තිබියදී හමුවේ - තොරතුරු රැසක් එළියට

විමර්ශන සඳහා ඉෂාරා සෙව්වන්දි අදත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට

විමර්ශන සඳහා ඉෂාරා සෙව්වන්දි අදත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට