ගුවනේදීම තවත් ගුවන් යානයක හදිසි ගින්නක්
චීනයේ ජාතික ගුවන් සේවය වන Air China මඟින් මෙහෙයවන ලද වාණිජ මගී ගුවන් යානයක්, මගියෙකුගේ රැගෙන යන ගමන් මල්ලක ගබඩා කර තිබූ බැටරියක් ගිනිගැනීමෙන් අනතුරුව අද (18) දින ආරක්ෂිතව ෂැංහයි වෙත හරවා යැවීමට සිදුවී ඇති බව වාර්තා වුණා.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ නැගෙනහිර චීනයේ නගරයක් වන හැංෂු සිට දකුණු කොරියාවේ සෝල් අසල පිහිටි ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා වූ දෛනික ගුවන් ගමනක CA139 දරන ගුවන් යානය තුළ අඳාළ ගින්න හටගත් බවයි.
මේ අතර ගින්නට හේතුව වශයෙන් ගුවන් සේවය චීන සමාජ මාධ්‍ය වේදිකාවක් වන Weibo හි ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ගුවන් යානයේ උඩ රාක්කයේ ගබඩා කර තිබූ මගියෙකුගේ රැගෙන යන ගමන් මල්ලක තිබූ ලිතියම් බැටරියක් හදිසියේ ගිනිගෙන ඇති බවයි.
මෙම ගින්න යානය අහසේ පියාසරමින් සිටියදී හටගෙන ඇති අතර අඳාළ සිදුවීම නිසා භීතියක් ඇති වි තිබුණා.
මෙහිදී ගුවන් ගමනේ ආරක්ෂාව සහතික කිරීමට මෙම යානය ෂැංහයි පුඩොං ජාත්‍යන්තර ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමකට හරවා යැවීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් Air China ගුවන් සේවය ප්‍රකාශ කළේ ගුවන් කාර්ය මණ්ඩලය වහාම නියමිත ක්‍රියා පටිපාටිවලට අනුව තත්ත්වය කළමනාකරණය කළ බවයි.
එසේම කිසිවෙකුටත් මෙම ගින්නෙන් තුවාල සිදු නොවූ බවද සඳහන්.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ කඩිනමින් සිතා ක්‍රියා කළ ගුවන් කාර්ය මණ්ඩලය ව්‍යසනයක් වළක්වා ගනිමින් ගින්න පාලනය කිරීමට සමත් වූ බවයි.