ඇමරිකාවේ සිට දූත පිරිසක් ලංකාවට

Report

ඇමරිකාවේ සිටි වියට්නාම ජාතික බෞද්ධ භික්ෂූන්, මෙහෙණින් වහන්සේලා සහ දායකදායිකාවන් ඇතුළු 86 දෙනෙන් සමන්විත බෞද්ධ දූත පිරිසක් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.

මෙම පිරිස ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සෙන් ඇන්තෝනියෝහි පිහිටි බෞද්ධ විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති උඩුමුල්ලේ සරණපාල ස්වාමීන් වහන්සේගේ උපදෙස්, මඟපෙන්වීම සහ අනුශාසනා ඇතිව මෙරටට පැමිණියහ.

බෞද්ධ දූත පිරිසට ඇමරිකාවේ සෙන් ඇන්තෝනියෝහි ලියන් හෝවා (Lien Hoa) බෞද්ධ විහාරයේ පූජ්‍ය තියෙන් ස්වාමින් වහන්සේ නායකත්වය ලබා දී ඇත.

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්

මෙම දූත පිරිස මහනායක වහන්සේ බැහැ දැකීම, ආගමික වැඩසටහන් වලට සහභාගී වීම, මහනුවර, අනුරාධපුර, සීගිරිය හා දඹුල්ල ප්‍රදේශවල සංස්කෘතික සහ පෞරාණික වටිනාකම් ඇති ස්ථාන නැරඹීම සහ භික්ෂූන් වහන්සේ උදෙසා අධ්‍යාපනික උපකාර ලබාදීම සිදු කරනු ඇත.

ඉෂාරාගේ දුරකථනය වළදමා තිබියදී හමුවේ - තොරතුරු රැසක් එළියට

ඉෂාරාගේ දුරකථනය වළදමා තිබියදී හමුවේ - තොරතුරු රැසක් එළියට