රාජපක්ෂ කඳවුර රටේ දේපල විතරක් කොල්ල කෑවා නෙවෙයි අපරාධ කල්ලිත් නඩත්තු කරලා - මන්ත්‍රී සුරවීර

By Shehan Oct 18, 2025 12:53 PM GMT
Report

මෑතකදී පොලිසිය සිදු කරන විමර්ශනවලදී අත්අඩංගුවට ගන්නා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (SLPP) සම්බන්ධ අය බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පපවසනවා.

මහරග නගරසභාව විසින් ඊයේ (17) පවත්වන්ට යෙදුන ප්‍රතිභා ප්‍රණාම සාහිත්‍ය තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

"මේ වෙනකොට අත්අඩංගුවට ගන්න සංවිධානාත්මක අපරාධකරුවෝ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ලබා දෙන තොරතුරු වලින් ඔප්පු වෙමින් තියෙනවා රාජපක්ෂ කදවුර සංවිධානාත්මක අපරාධ කල්හි නඩත්තු කළ බවටත් විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවටත්. ඒ නිසා තමයි සිහින දකින නාමල් කුමාරයා ඇතුළු අය මේ රජයට ප්‍රහාර එල්ල කරන්නෙ.

විනයක් ඇති රාජ්‍ය සේවයක් රටට ඕනේ - ජනපති අනුර

විනයක් ඇති රාජ්‍ය සේවයක් රටට ඕනේ - ජනපති අනුර

එයා කලබල වෙන දේ ගැන පුදුම වෙන්න දෙයක් නෑ. එයාලා චෝදනා කළා කියලා අපි මේ මත්ද්‍රව්‍යය විනාශ කරන වැඩේ නවත්තන්නේ නෑ. අපි බලයට පත්වෙන්න කලින් ජනතාවට පොරොන්දුවක් දුන්නා පාතාලය, මත්ද්‍රව්‍ය සහමුලින් නැති කරනවා කියලා. අන්න ඒ දුන්න ප්‍රතිඥාව තමයි මේ ඉටුකරන්නේ. විපක්ෂයේ චෝදනා අපිට වැඩක් නෑ.

මේ මත් ද්‍රව්‍ය විනාශ කරන්නත් ඒවාට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගන්නත් ලබන 30 දා අපි දැවැන්ත වැඩ පිළිවෙලක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙන් ආරම්භ කරනවා. එය ග්‍රාමීය මට්ටමින් ආසන මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් දියත් කරන්නයි සූදානම් කරලා තියෙන්නේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරා යන ගමන සාර්ථකයි කියලා විපක්ෂයට තේරෙනවා.

ඒකයි මේ රජය බොරු කියනවා විපක්ෂය ඇත්ත කියනවා කියලා ජනතාවට ඒත්තු ගන්වන්න හදන්නේ. ඔවුන්ට තියෙන්නේ ජාතික ජන බලවේගය පිළිබඳව කුහකකමක්. ඒ අනුව බලද්දි හරි දේ හරි ලෙස දකින වැරදි දේ වැරදි ලෙස දකින විපක්ෂයක් අදමේ රටේ නෑ."

මාලිමා මන්ත්‍රීනී ලක්මාලි කට වරද්ද ගනී - අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමට උපදෙස් දීලලු

මාලිමා මන්ත්‍රීනී ලක්මාලි කට වරද්ද ගනී - අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමට උපදෙස් දීලලු

ඉෂාරාගේ දුරකථනය වළදමා තිබියදී හමුවේ - තොරතුරු රැසක් එළියට

ඉෂාරාගේ දුරකථනය වළදමා තිබියදී හමුවේ - තොරතුරු රැසක් එළියට