විශ්වාස කරන්න පුළුවන්ද දේශපාලන ලොක්කෙක්ට බැංකු ගිණුමක් නෑ
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමැති වජිර අබේවර්ධන මහතාට බැංකු ගිණුමක් නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ඒ ඉකුත් දා කොළඹ දී පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණි අවස්ථාවේදී සිදුවූ කතාබහක් අතරතුරදීයි. එම අවස්ථාවේදී අවමංගල්‍යයට පැමිණි දේශපාලඥයින් පිරිසකගේ මාතෘකාව බවට පත්ව ඇත්තේ අල්ලස් කොමිසමයි.
එහිදී අඳාළ කතාබහට සම්බන්ධ වී ඇත්තේ වජිර අබේවර්ධන , මොහොමඩ් මුසම්මිල්, නවීන් දිසානායක, අකිලි විරාජ් කාරියවසම්, මනුෂ නානායක්කාර, නිශාන්ත ශ්‍රී වර්ණ සිංහ ඇතුළු පිරිසක් බව සඳහන්.
ඒ අනුව මෙහිදී මුලින්ම අදහස් දැක්වූ හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ,
" මටත් අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබුණා. ප්‍රශ්න කරනකොට මම කිව්වා බැංකු ගිණුමක් මට නැහැ කියලා. ඇයි සර් බැංකු ගිණුමක් නැත්තේ කියලා ඔවුන් මගෙන් ඇහුවා. එම නිලධාරින් පුදුමයටත් පත්වුණා.ඒක මට ප්‍රශ්නයක් නැතිනම් ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා කියලා මම කිව්වා."
කෙසේ වෙතත් වජිර කියපු මේ කතාවට එම ස්ථානයේ සිටි බොහෝ දෙනෙක් පුදුම වූ බවත් බොහෝ පිරිසකට සිනහ පහළ වූ බවත් සඳහන්.