පොලිස් විශේෂ මෙහෙයුමක් - 654ක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක කළ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 654 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන ලදී. එහිදී පුද්ගලයින් 28,701 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 24 දෙනෙකු, වරෙන්තුකරුවන් 303 දෙනෙකු, විවෘත වරෙන්තුකරුවන් 141 දෙනෙකු, බීමත් රියදුරන් 11 දෙනෙකු, අපරික්ෂාකාරී රිය පැදවීම් හේතුවෙන් 17 දෙනෙකු සිටී.