පොන්නි සම්බා සහල් ආනයනයට අනුමැතිය - ගැසට් නිවේදනය නිකුත් වෙයි

Report

කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සමග, පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.

ඒ අනුව, කීරි සම්බාට සමාන ප්‍රභේදයක් වන (GR 11) පොන්නි සම්බා පමණක් ආනයනයට අවසර හිමි වන අතර, එක් ආනයනකරුවෙකුට උපරිම ආනයන සහල් තොගය මෙට්‍රික් ටොන් 52 ක් ලෙස සීමා කර ඇත.

එම සහල් තොගය ආනයනය කිරීමෙන් පසු, නොවැම්බර් 15 වැනිදා හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් මුදාහැරිය යුතු බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මෝදී හරිනිට දිවුරා පොරොන්දු වෙයි - මෙන්න විස්තරේ

මෝදී හරිනිට දිවුරා පොරොන්දු වෙයි - මෙන්න විස්තරේ

කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය සඳහා රජය සැලසුම් කළ බව, පසුගිය 14 වැනිදා පැවැති කැබිනට් තීරණය පිළිබඳ මාධ්‍ය හමුවේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

එම තීරණය අනුව, පොන්නි සම්බා සහල් ආනයනය සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්