හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීරගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක්
මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රභාත් සේනසිංහ විසින් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීරගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියෝග කර ඇත.
ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (17) දින මහනුවර ජාතික රෝහලේ දී පැවැත්වීමෙන් පසුව දේහය වර්ණවීර මහතාගේ බිරිඳ වන ජානකී අබේසිංහ වෙත භාර දීමට කටයුතු කර ඇත.
එසේම පොලීසිය ප්‍රකාශ කළේ ජයනන්ද වර්ණවීරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) දින පස්වරු 3.00 ට මහනුවර මහයියාවේ දී සිදුකළ බවයි.
කටුගස්තොට රණවන ප්‍රදේශයේ පිහිටි තම නිවසේදී මියයන විට වර්ණවීර මහතා 64 වැනි වියේ පසුව ඇත.
ඔහු ගාල්ල මහින්ද විදුහලේ ආදි සිසුවකු වන අතර 1986 දී පකිස්තානයට විරුද්ධව මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කරමින් ටෙස්ට් වරම් දිනා ගෙන ඇත.
එමෙන්ම ටෙස්ට් ක්‍රිකට් 10කට හා එක්දින ක්‍රිකට් තරග 06කට ක්‍රීඩා කර තිබෙන ඔහු, ක්‍රිකට් දිවියෙන් සමුගැනීමෙන් අනතුරුවද කලක් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ භාරකරු වශයෙන් කටයුතු කර ඇත.