දැඩි සුළං හේතුවෙන් කුරුණෑගල නිවාස 100ක් විනාශයි

Report

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල සහ නිකවැරටිය යන ප්‍රදේශවලට ඇති තද සුළං තත්ත්වය නිසා නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් අර්ධ හානියට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, සිදුව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් පවතින බවයි.

කිරිඳි ඔය අවට ඉන්න ජනතාවට විශේෂ දැනුම්දීමක්

කිරිඳි ඔය අවට ඉන්න ජනතාවට විශේෂ දැනුම්දීමක්

අවුලේගම, තමිල්වැල්ලම, ඈතම, කරඳවැටිය ආදී ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

තවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය අනුව, ජනතාව තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

ෆෙන්ෂෙන්ග් කුණාටුව නිසා දහස් ගාණක් ගෙවල් ඇතෑරලා යයි

ෆෙන්ෂෙන්ග් කුණාටුව නිසා දහස් ගාණක් ගෙවල් ඇතෑරලා යයි