ගුවන්තොටුපොළේ ගින්නක් - ගුවන් ගමන් අත්හිටුවයි
බංග්ලාදේශයේ ඩකාහි පිහිටි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.
මෙම හේතුවෙන් සියලු ගුවන් ගමන් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිද්ධියෙන් පසු, ගුවන් තොටුපළ ගිනි නිවන දෙපාර්තමේන්තුව, බංග්ලාදේශ ගුවන් හමුදා ගිනි නිවන ඒකකය සහ අනෙකුත් අදාළ ආයතනවල කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර ඇත.