තමිල්නාඩු මහ ඇමති සමග සෙන්දිල් තොන්ඩමන් සාකච්ඡාවක

prime minister tamil nadu M.K.Stalin Senthil Thondamaan infrastructure
By Sewvandhi Aug 30, 2021 04:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තමිල්නාඩු මහ ඇමති එම්.කේ.ස්ටාලින් සහ වතු සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධක ලේකම් සහ ලංකා කම්කරු කොංග්‍රසයේ උප නායක සෙන්තිල් තොණ්ඩමන් අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

වාර්තාවලට අනුව මෙම සාකච්ඡාව දුරකථනයෙන් සිදු විය.

නිවාස, යටිතල පහසුකම්, ශිෂ්‍යත්ව, ස්වයං රැකියා වැනි සුබසාධන යෝජනා ක්‍රම ආරම්භ කිරීම සහ ඉන්දියාවේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල රැඳී සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට පුරවැසිභාවය ලබා දීමට පියවර ගැනීම ගැන ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සෙන්තිල් තොණ්ඩමන් සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකාවේ කඳුකර ජනතාව පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව දැනගන්නට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now