තව පැය 24යි..වහාම මේ ගැන තීරණයක් ගන්න..ආණ්ඩුවට විශේෂ මතක් කිරීමක්..

Sri Lanka Politician Sri Lanka Sports AKD
By Aruna Jan 09, 2025 02:49 AM GMT
Aruna

Aruna

Report

කුඩා අවධියේ සිටම කරාතේ ක්‍රීඩාවෙන් දස්කම් පිට දස්කම් පෑ තිවිජ තෙනුවර බාලසූරිය සිසුවා ලබන පෙබරවාරි මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා තායිලන්තයේ පැවැත්වෙන 2025 ජාත්‍යන්තර කරාතේ තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබා ඇතත් එම සංචාරයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට නොහැකිවීම නිසා එම තරගාවලියට සහභාගි වීමේ අවදානමකට ඔහු මුහුණපා සිටින බව වාර්තා වනවා.

කඩවත, ගනේමුල්ල පාර, කැන්දලියද්දපාළුවේ පදිංචි තිවිජ මේ වනවිට කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන අති දක්ෂ දරුවෙක්.

කැලණිය ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි තිවිජගේ ක්‍රීඩා හැකියාව නිසා ඔහු මීට මාස තුනකට පමණ පෙර බෙනඩික් විද්‍යාලයට බඳවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකා ටී 20 තරගාවලිය අද ඇරඹෙයි..ලංකාවෙනුත් සුපිරි ක්‍රීඩකයින් 05ක් තේරෙයි..එම පස්දෙනා මෙන්න.

දකුණු අප්‍රිකා ටී 20 තරගාවලිය අද ඇරඹෙයි..ලංකාවෙනුත් සුපිරි ක්‍රීඩකයින් 05ක් තේරෙයි..එම පස්දෙනා මෙන්න.


පාසලේ 4 වැනි වසරේ සිට කරාතේ ක්‍රීඩාවේ දස්කම් පාන තිවිජ මෙතෙක් පැවති සෑම පාසල් කරාතේ තරගාවලියකින්ම දිවයිනෙන්ම පළමු හෝ දෙවැනි ස්ථාන දිනා ගැනීමට සමත් වූ අතිදක්ෂ ක්‍රීඩකයෙක් වනවා

2019 වර්ෂයේ ඉන්දියාවේ පැවති 4 වැනි ජාත්‍යන්තර කරාතේ තරගාවලියට ද සහභාගි වී සිය කණ්ඩායමට තුන්වැනි ස්ථානය දිනා දීමට දායක වූ මෙම දරුවාට තායිලන්තයේ පැවැත්වෙන කරාතේ ශූරතාවලියට සහභාගි වීම සඳහා රුපියල් 360,000ක මුදලක් ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමයට ගෙවිය යුතු වන අතර ඉන් 120,000 ක් ඉදිරි පැය 24 තුළ ගෙවිය යුතුව ඇති බවයි වාර්තා වන්නේ.

ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති තිවිජ ගේ මව වන ඉරානි නාලිකා මහත්මිය මෙම මුදල සොයා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවත් එය නිෂ්ඵල වීම හේතුවෙන් මෙම දරුවාගේ අනාගතය තීරණය කරන තායිලන්ත සංචාරයට සහභාගි වීමේ අභියෝගයට පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය බලාපොරොත්තුවෙන් ඊයේ (08දා) ‘ප්‍රධාන පුවත්පතකට’ මෙම සිදුවීම සැලකර තිබේ.

කුසල් මෙන්ඩිස් ඉතිහාසගත ලෝක වාර්තාවක් තබයි..

කුසල් මෙන්ඩිස් ඉතිහාසගත ලෝක වාර්තාවක් තබයි..


එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙසේ ය.👇

“මම අවසාන මොහොත වෙනකල් උත්සාහ කළා කොහොම හරි මෙම මුදලින් කොටසක්වත් සොයාගන්න.

නමුත් කිසිම හැකියාවක් නැති නිසා තමයි අපි මේ ඉල්ලීම රටේ ඉන්න පරිත්‍යාගශීලීන්ට ඉදිරිපත් කරන්න තීරණය කළේ. මගේ පුතාගේ ඉරණම තීරණය කරන ප්‍රධාන කඩඉමක් තමයි තායිලන්ත සංචාරය.

ඒ නිසායි අපි මේ තරම් වෙහෙසෙන්නේ. මම කාරුණික ඉල්ලීමක් කරනවා මගේ පුතාට මේ සංචාරයට සහභාගිවීමට අවශ්‍ය වන මුදල සොයා ගැනීමට අපට උදව් කරන්න කියලා.”

තිවිජගේ මව ඉතා හැඟුම්බරව සිය ඉල්ලීම එම පුවත්පත හමුවේ ඉදිරිපත් කරද්දී තිවිජ සිය ඉල්ලීම මෙසේ ඉදිරිපත් කර ඇත.

“කොහොම හරි මේ තරගාවලියට ගිහිල්ලා රටට ජයග්‍රහණයක් ගේන්න තමයි මට වුවමනාව තියෙන්නේ. මගේ අම්මාට සල්ලි නැති නිසා මට මේ තරගාවලියට සහභාගි වෙන්න බැරිවෙයි කියන බය මට තියෙනවා.

ඒක නිසායි අපි පත්තරේට දාලා කාගේ හරි උදව්වක් ගම්මු කියලා කතා කරගත්තේ”

සිය ඉලක්කය හඹා යෑමේ දැඩි අදිටනින් යුතු, සහජ හැකියාවෙන් පිරිපුන් තිවිජ පුතුගේ සිහිනය මල්ඵල ගැන්වීමේ හැකියාව ඇත්තේ ලාංකිකයන් වන පරිත්‍යාගශීලී ඔබගේ දෑත මතයි.

කඩවත, ගනේමුල්ල, කැන්දලියද්දපාළුව, මහවත්ත, 1 වන පටුමඟේ අංක 425/ 6 ලිපිනයේ පදිංචි බී.කේ. තිවිජ තෙනුවර බාලසූරිය පුතුගේ මව වන ඉරානි නාලිකා මහත්මිය 0717627370 හෝ 0776027165 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කරගෙන පරිත්‍යාගශීලී ඔබගේ දායකත්වය ලබාදීමට හැකියාව පවතී.

තිවිජ තෙනුවර බාලසූරිය සිසුවාගේ සිහිනය යතාර්ථයක් වෙන්න කියල ගගන අපගේ ප්‍රාර්ථනයයි🙏🙏

You May Like This Video


ReeCha