මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ බවලතුන්..

Report

 2024 පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (15) දිනයෙන් අවසන් වුණා. ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් වූ අතර ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීමත් සමග වසර ගණනාවක් තිස්සේ ප්‍රබල දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තු නියෝජනය කළ මැති ඇමතිවරුන් රැසකට මෙවර සිය මන්ත්‍රි ධූර අහිමි වී තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය සදහා අනුමැතිය...

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය සදහා අනුමැතිය...

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් හිමි කරගැනීමට සමත් වුණා.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ සන්ධානගත නොවූ තනි පක්ෂයක් පාර්ලිමේන්තුවේ 150ට වැඩි බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙසයි ඉතිහාසයට එක් වන්නේ.

මේ අතර මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව ඇතැයි වාර්තා වෙනවා.

මෙලොව එලිය දුටු වනම මරුවා වැළද ගත් සිගිත්තන්..අලුත උපන් බිළිඳුන් 47කට සිදුවූ ඛේදවාචකය..(VIDEO)

මෙලොව එලිය දුටු වනම මරුවා වැළද ගත් සිගිත්තන්..අලුත උපන් බිළිඳුන් 47කට සිදුවූ ඛේදවාචකය..(VIDEO)

මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගයෙන් වීමත් විශේෂත්වයක්. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තේරීපත්ව ඇති කාන්තා නියෝජනයන් පහත පරිදි වෙයි.

ආචාර්ය හරිනි අමරසූරිය - ජාතික ජන බලවේගය

ඔෂානි උමංගා - ජාතික ජන බලවේගය

සරෝජා පෝද්රාජ් - ජාතික ජන බලවේගය

නිලූෂා ගමගේ - ජාතික ජන බලවේගය

සාගරිකා ආතාවුද - ජාතික ජන බලවේගය

අම්බිගා සැමුවෙල් - ජාතික ජන බලවේගය

නිලන්ති කොට්‌ට්ට හච්චිගේ - ජාතික ජන බලවේගය

හිරුණි විජේසිංහ - ජාතික ජන බලවේගය

චතුරි ගංගානි - ජාතික ජන බලවේගය

තුෂාරි ජයසිංහ - ජාතික ජන බලවේගය

හසාරා ලියනගේ - ජාතික ජන බලවේගය

දීප්ති වාසලගේ - ජාතික ජන බලවේගය

චමින්ද්‍රාණි කිරි ඇල්ල - සමගි ජන බලවේගය

හිටපු මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න - සමගි ජන බලවේගය

සමන්මලී ගුණසිංහ - ජාතික ජන බලවේගය