ගුවන් යානයේ සිටි සොරා කටුනායක දී පොලිස් දැලේ.. පුදුම හිතෙන ගාණකට හරියන්න විදලා..

Report

ශ්‍රීලංකන් ගුවන්යානයක ගමන්ගත් මගී කාන්තාවකගේ අත්බෑගය සොරා ගත් ගණකාධිකාරීවරයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක ය.

එම අදාළ කාන්තාව එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි දැනට එංගලන්තයේ වෙසෙන කාන්තාව කී.

අයහපත් කාළගුණයත් එක්ක.. හදිසියේම දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි..

අයහපත් කාළගුණයත් එක්ක.. හදිසියේම දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි..

ඇය ශ්‍රී ලංකාවේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි තැනැත්තියක් වන අතර ඊයේ (26) ලන්ඩන් නුවර සිට ශ්‍රීලංකන් ගුවන්සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත ඇය පැමිණ තිබෙනවා.

එහිදී ඇයගේ අත්බෑගය තුළ රුපියල් 14 ලක්ෂ 23,500ක් පමණ වටිනා ස්ටර්ලින් පවුම් 2,700ක්, ඇපල් ජංගම දුරකථන 02ක් සහ සැම්සුන්ග් වර්ගයේ ජංගම දුරකථන 02ක් තිබී ඇත.

මෙම ගුවන්යානය ගුවන්ගතවී මද වේලාවකින් පසුව, මෙම අත් බෑගය නැති වී තිබෙනවා.

ඒ පිළිබඳව ශ්‍රීලංකන් ගුවන්යානා කාර්යමණ්ඩලය වෙත අදාළ කාන්තාව පැමිණිලි කර තිබෙනවා.

මේ පිළිබඳ ගුවන්යානය තුළ සොයා බැලීම් සිදුකළ ද, එය සොයා ගැනීමට හැකිවී නොමැත.

පසුව ඒ පිළිබඳව ගුවන්යානයේ නියමුවා කටුනායක ගුවන්තොටුපොළ ශ්‍රීලංකන් ගුවන්සේවයේ විමර්ශන නිලධාරීන් වෙත දැනුම්දී ඇත.

අදාළ ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස් වූ පසු ශ්‍රීලංකන් ගුවන්සේවයේ විමර්ශන නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය සමග එම ගුවන්යානයෙන් පැමිණි ගුවන්මගීන් සහ ඔවුන්ගේ ගමන් මලු දැඩිව පරීක්ෂා කර තිබෙනවා.

එහිදී මෙම නැති වූ අත් බෑගය ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි, කැනඩාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි 60 හැවිරිදි පුද්ගලයෙකු සන්තකයේ තිබී සොයා ගැණින.

ඒ වනවිටත් ඔහු සොරාගෙන තිබූ ස්ටර්ලින් පවුම් භාවිත කර ගුවන්යානය තුළ අලෙවි කරන මන්පැන් බෝතල් 06ක් සහ සුවඳ විළවුන් බෝතල් 03ක් මිලදී ගෙන තිබෙනවා.

ඉතිරි ස්ටර්ලින් පවුම් ප්‍රමාණය සහ ජංගම දුරකථන ද එම අත් බෑගයෙහි තිබී සොයා ගැණින.

කෙසේ වෙතත්, ඒ අනුව සැකකාර ගුවන් මගියාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

You May Like This Video 👇 

 .