අයහපත් කාළගුණයත් එක්ක.. හදිසියේම දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි..

Report

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.

ඒ දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ය.

ඒ අනුව අද (27) රාත්‍රියේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ගමන් කිරීමට නියමිතව තිබු තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කර ඇත.

ජනපති අනුරගෙන්, රාජ්‍ය සේවකයින්ට පොරොන්දුවක් මෙන්න..

ජනපති අනුරගෙන්, රාජ්‍ය සේවකයින්ට පොරොන්දුවක් මෙන්න..

ඒ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දුම්රිය ස්ථානයට සීමා කර ඇත.

එමෙන්ම, උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ද දහවල් කාලයේ දී නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.

You May Like This Video 👇 

.