මුලින්ම පැන්නා ඊගාවට ඇප ට්‍රයි කරා, වැඩේ උඩු දුවලා ඇල්ලුවම කෑම හරි නෑ කිව්වා දැන් ඒපාර ඔන්න රාජිතට සෙත් පතන්නත් යනවා [PHOTO]

Report

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගැන මේ දවස්වල විවිධ කතා යනවානේ.

කාලයක් ඉස්සා වගේ පැන පැන ඉඳලා කොහොමහරි ඔන්න මීට ටික දවසකට කළින් කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට දීලා රජයට රුපියල් මිලියන 20කට වැඩි මූල්‍ය අලාභයක් කළා කියලා තිබ්බ චෝදනා නිසා ලබන සැප්තැම්බර් 9 වෙනිදා වෙනකල් රාජිතව රක්ෂිත බන්ධනාගාරගත කරා.

හැබැයි දාපු ගමන්ම රාජිතත් නිකන් හිටියේ නෑ,හිරේ කෑම හරි නෑ, මට සනීප නෑ වගේ නානාප්‍රකාර කතා ගොඩකුත් කිව්වානේ.

හිටපු අමාත්‍ය ලංසාටයි රාජිතටයිත් කෑම ගෙදරින් දෙන්න අවසර

හිටපු අමාත්‍ය ලංසාටයි රාජිතටයිත් කෑම ගෙදරින් දෙන්න අවසර

කොහොමහරි බන්ධනාගාර ඩොක්ටර්ස්ලා නම් රාජිතව පරීක්ෂා කරලා රෝහල්ගත කරන්න තරම් මේ උන්දැට අසනීප තත්ත්වයක් නෑ කියලා කිව්වා කියලා තමයි වටින් පිටින් ආරංචිය ආවේ.

ඒ අස්සේ කොහොමහරි රාජිතත් ලංසා මහත්තයා එක්ක එකතු වෙලා කොහොමහරි ගෙදරින් කන්න අවසරේ පාස් කරන් තිබ්බා.

ඔය එකී නොකී ඔක්කොම කතා ඇතුළේ ඔන්න බුකිය කැළඹෙන පෝස්ට් එකක් මේ වෙලාවේ සංසරණය වෙනවා.

පෝස්ට් එකේ හැටියට නම් සැප්තැම්බර් 7 වෙනිදා රාජිතට සෙත්පතා කරන ආගමික වැඩසටහනකට හැමෝටම කරන ආරාධනාවක්.

කෙනෙකුට සෙත් පතන එක හොඳ වැඩක් වුණත් මේ වෙලාවේ මේ පෝස්ට් එක නම් බුකියේ කතා මවන්නේ හොඳ විදිහට විතරක්ම නෙවෙයි.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ඒකට හේතුවත් නීතියෙන් අල්ලපු ගමන් දේශපාලඥයෝ එකපාරට ලෙඩ ඇඳට වැටෙන ඒ අරුම පුදුම ව්ජ්ජාව ගැන මම හිතන්නේ දැන් රටේ ඩොක්ටර්ස්ලටත් වඩා රටේ මහජනතාව හොඳ හැටි දන්නවා.

හැබැයි මොනවා වුනත් රාජිතට සෙත් පතලා කරන මේ වැඩේට අපිත් සුබ පතනවා.

කරපු වැරදිවලට දඬුවම් විඳින්න හරි මේ අය සුවෙන් ඉන්න ඕනේ කියලා තව පිරිසක් හිතනවා.

ඒ කොහොම වුණත් කවුරු කවුරුත් මානූෂීය පැත්තෙනුත් හිතලා මේ වැඩේට සහභාගී වෙයි කියලා තව කට්ටියක් හිතනවා.  

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න