තව පැය කිහිපයයි.. රටම බලන් හිටිය, වහාම රෑ 12ට අවසන් වෙන.. දෙයක් ගැන ගත්ත තීරණය මෙන්න..

Government Of Sri Lanka Strike Sri Lanka Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Aug 18, 2024 04:43 PM GMT
krishani

krishani

Report

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට නියමිත ය.

ලංකා බැංකුවෙන් පාසල් දරුවන්ට දැනුම්දීමක් - මොකක්ද කියලා දැනගෙනම ඉන්න එක ගොඩක් වටිනවා.. (PHOTO)

ලංකා බැංකුවෙන් පාසල් දරුවන්ට දැනුම්දීමක් - මොකක්ද කියලා දැනගෙනම ඉන්න එක ගොඩක් වටිනවා.. (PHOTO)


ඒ බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ ය.

ඒ එළැඹෙන ජනාධිපතිවරණයේ දී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණෙන් එම තීරණය ගත් බව එම සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ය.

පුදුමයි නේද?. කවදාවත් විදුලි බිල ගැන මෙහෙම දෙයක් අහලා තියෙනවා ද?. වුණ දෙයක්..

පුදුමයි නේද?. කවදාවත් විදුලි බිල ගැන මෙහෙම දෙයක් අහලා තියෙනවා ද?. වුණ දෙයක්..


ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවන් සහ ග්‍රාම නිලධාරි දීමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැළපෙන ලෙස සකස්කර දෙන ලෙස ඉල්ලමින් දිවයින් පුරා ග්‍රාම නිලධාරිවරු මැයි 04 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය.

එමෙන්ම, ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය විසින් අගෝස්තු 12 වනදා සිට 18 වනදා දාක්වා කළු විරෝධතා සතියක් අරම්භ කරනු ලැබුවේ ය.

තීරණාත්මකයි?. හිතුවේ නෑ නේද.. හෙට වෙන දෙය ගැන ඇස් උඩ යන ආරංචියක් මෙන්න..

තීරණාත්මකයි?. හිතුවේ නෑ නේද.. හෙට වෙන දෙය ගැන ඇස් උඩ යන ආරංචියක් මෙන්න..


එම විරෝධතා සතිය ද අද මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කිරීමට නියමිතව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

කෙසේ වෙතත්, ඊට අමතරව මැයි 17 වනදා සිට ග්‍රාම නිලධාරි විසින් ක්‍රියාත්ම කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව ඔහු සඳහන් කළේ ය.

ජනාධිපති අපේක්ෂකයන් පුදුම කරමින්, ප්‍රබල පක්ෂයක් එකවරම ජනපති හා එක් වෙයි..

ජනාධිපති අපේක්ෂකයන් පුදුම කරමින්, ප්‍රබල පක්ෂයක් එකවරම ජනපති හා එක් වෙයි..


ReeCha