පාතාල වෙඩික්කරුගේ රහස් ලැයිස්තුව මෙන්න

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime Latest Headlines Sinhala news
By Shehan Jul 29, 2025 02:22 AM GMT
Shehan

Shehan

Report

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික හික්කඩුව ලියනගේ සහන් සිසිකැලුම් හෙවත් වැලිගම සහන් ඉන්දියාවේ සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනිණි.

ඊයේ (28) රාත්‍රියේ චෙන්නායි සිට පැමිණි ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේය.

31 හැවිරිදි වැලිගම පදිංචිකරුවෙකු වන මෙම සැකකරුට මාතර සහ පානදුර ප්‍රදේශවල මිනීමැරුම්, මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇත.

නිව්යෝක් නුවර සිදු වූ වෙඩි තැබීමකින් 5ක් මරුට

නිව්යෝක් නුවර සිදු වූ වෙඩි තැබීමකින් 5ක් මරුට

හරක්කටාගේ ගෝලයෙකු වන ඔහු, මිදිගම චූටි සහ කුඩු සලිඳුගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බව හෙළි වී ඇත.

සැකකරු කළුතර අපරාධ කොට්ඨාශයට භාර දී ඇති අතර, ඔහුගේ අපරාධ ලැයිස්තුවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.

01. 2025.04.29 වන දින හිරණ පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණ ටී-56 අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන වෙඩික්කරු ලෙස හඳුනා ගෙන ඇත

02. 2025.06.05 වන දින මට්ටක්කුලිය පොලිස් වසමේ ටී-56 ගිනි අවියකින් හා 9mm වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ ටී 56 ගිනි අවිය භාවිතා කළ වෙඩික්කරු ලෙස හඳුනා ගෙන ඇත.

ඇස්වලට විතරක් නොවී, හදවතත් නුවනෙන් තීරණ ගන්න - අද ලග්නේ කතාව

ඇස්වලට විතරක් නොවී, හදවතත් නුවනෙන් තීරණ ගන්න - අද ලග්නේ කතාව

03. 2025.06.29 වන දින පානදුර දකුණ පොලිස් වසමේදී යතුරුපැදි කොටස් අලෙවිසැලකට යතුරුපැදියකින් පැමිණ ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිදුවීමේ වෙඩික්කරු ලෙස හඳුනාගෙන ඇත.

04. 2024.04.15 වන දින කොටවිල පොලිස් වසමේ යතුරුපැදියක් සොරකම් කිරීම.

05. 2024.04.22 වන දින මාලිම්බඩ පොලිස් වසමේ භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් වෙළෙඳසැලට පැමිණ රුපියල් 80000/= ක් වටිනා රන් මාලයක් කොල්ලකෑම.

06. 2024.07.23 වැලිගම පොලිස් වසමේ මාර්ගයේ ගමන් ගත් කාන්තාවකගේ රුපියල් 52000/=ක් වටිනා ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑම.

07. 2024.07.24 වන දින මාලිම්බඩ පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණි කාන්තාවකගේ ගෙල බැදි රුපියල් 150,000/= ක් වටිනා රන්මාලයක් කොල්ලකෑම.

නව ඉන්ධන මිල දැන් හෙටම - ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නව තිරසාර හුස්මක්

නව ඉන්ධන මිල දැන් හෙටම - ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නව තිරසාර හුස්මක්

08. 2024.08.24 වන දින තිහගොඩ පොලිස් වසමේ මාර්ගයේ යමින් සිටි කාන්තාවකට අවි පෙන්වා බිය ගන්වා රුපියල් 450,000/= වටිනා රන් මාලයක්, රුපියල් 35,000/=ක් වටිනා පෙන්ඩනයක් හා රුපියල් 450,000/= වටිනා අත් පළදනාවක් කොල්ලකෑම.

09. 2024 08 05 වන දින කොටවිල පොලිස් වසමේ කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාලයක් කොල්ලකෑම.

10. 2024.08.08 වන දින වැලිගම පොලිස් වසමේ පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීම.

11. 2024.08.11 වන දින මාලිම්බඩ පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණ රුපියල් 95000/= ක් වටිනා රන්මාලයක් හා රන් පෙන්ඩනයක් කොල්ලකෑම.

12. 2024.08.12 වන දින වැලිගම පොලිස් වසමේ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 90000/= ක් වටිනා රන් මාලයක් යතුරුපැදියකින් පැමිණ කොල්ලකෑම.  

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

13. 2024.08.12 කොටවිල පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑම.  

ReeCha