ගෝලීය තෙල් මාර්ගයට ඉරානයෙන් තීරණාත්මක තීන්දුවක්

Report

හෝමුස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ නෞකාවන්ට ගමන් කිරීම සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව ඉරානය නිවේදනය කර තිබේ.

ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වන්නේ, ලෙබනනයේ ක්‍රියාත්මක සටන් විරාම තත්ත්වයට අනුකූලව මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව, සටන් විරාම කාලය තුළ ඉරානය විසින් ප්‍රකාශයට පත් කළ සම්බන්ධීකරණ මාර්ගය ඔස්සේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සියලුම වාණිජ නෞකාවන්ට බාධාවකින් තොරව ගමන් කිරීමට අවස්ථාව හිමිවන බවද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම පියවර ජාත්‍යන්තර වෙළඳ මාර්ග සහ තෙල් ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා වැදගත් වර්ධනයක් ලෙස සැලකේ.

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

ඉරානය එකඟ වෙයි? සියල්ල අවසානයේ ලොවක් බලා සිටි තීරණය ට්‍රම්ප්ගේ කටින්

ඉරානය එකඟ වෙයි? සියල්ල අවසානයේ ලොවක් බලා සිටි තීරණය ට්‍රම්ප්ගේ කටින්

ගල්අඟුරු අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපතිගෙන් දැඩි නියෝගයක්

ගල්අඟුරු අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපතිගෙන් දැඩි නියෝගයක්