ගල්අඟුරු අක්රමිකතා විමර්ශනයට ජනාධිපතිගෙන් දැඩි නියෝගයක්
ගල්අඟුරු ආනයනය හා විදුලිබල නිෂ්පාදන ක්රියාවලිය තුළ අක්රමිකතා හෝ නීතිවිරෝධී ක්රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට, විමර්ශන කටයුතු මාස 6ක් ඇතුළත අවසන් කර වාර්තාව ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපතිවරයා විසින් පත් කළ මෙම කොමිසම සම්බන්ධ ගැසට් නිවේදනය මගින් එහි කාර්ය පථය නිල වශයෙන් ප්රකාශයට පත් කර ඇති අතර, විදුලිබල ක්ෂේත්රයේ සිදුවී ඇතැයි සැක කෙරෙන අක්රමිකතා පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.
මෙම පියවරත් සමඟ බලශක්ති ක්ෂේත්රය සම්බන්ධ විමර්ශන කටයුතු වේගවත් කරමින් ඉක්මන් ප්රතිඵල ලබාගැනීමේ උත්සාහයක් ලෙස මෙය සැලකේ.
ගල්අඟුරු අක්රමිකතා ගැන විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කරන්න යැයි ජනපතිගෙන් උපදෙස් by rishma