දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු, ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය නිවස තුළ මියයෑම සම්බන්ධයෙන් අද දින මුළු ප්‍රදේශයම කම්පාවට පත්විය.
ඒ අනුව දිගින් දිගටම පොලිසිය විමර්ශන ආරම්භ කෙරු අතරපොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය මන්ත්‍රීවරයා විසින් තවත් පුද්ගලයෙකු සමග සිදුකළ මුල්‍ය ගනුදෙනුවක් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවී ඇති බවය.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව යටිනුවර, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි අදාළ මන්ත්‍රීවරයාගේ දෙමහල් නිවස තුළ තිබී අද උදෑසන මෙම මළසිරුරු සොයාගෙන තිබිණි.
මන්ත්‍රීවරයා නිවසේ පිටුපස පිහිටි තාවකාලිකව ඉදිකර ඇති ස්ථානයක ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන සිටි අතර ඔහුගේ බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ ඉහළ සහ පහළ මහලේ කාමර දෙකක් තුළ තිබී පොලීසිය විසින් සොයාගෙන ගත්තේය.ඒ වන විටත් ප්‍රදේශවාසීන් රැසක් මෙම ස්ථානයට එක්රොක් වී සිටිනු දැක ගත හැකි විය.
කෙසේවෙතත් බිරිඳ සහ දියණියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය සැකකරනු ලබන්නේ බිරිඳට සහ දියණියට නින්දයාම සදහා පසුදින රාත්‍රියේ යම් පෙතිවර්ගයක් ලබා දීමෙන් අනතුරුව අදාළ මන්ත්‍රීවරයා විසින් ඔවුන්ගේ ගෙල සිරකර ඝාතනය කරන්නට ඇති බවය.
මන්ත්‍රීවරයාගේ බාල දියණිය 12 හැවිරිදි වියේ පසුවන අතර ඇය පෙරදින අධ්‍යාපන චාරිකාවක් ගොස් මධ්‍යම රාත්‍රීය පසුවී නිවසට පැමිණ ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත. එම දැරිය පොලීසියට පවසා ඇත්තේ පියා තමන්ටත් යම් පෙති වර්ගයක් පානය කිරීමට ලබාදුන් බවය.
අලුයම් කාලයේ තම ගෙල සිරවන බවක් දැනීමෙන් අවදි වූ තමාට, වයරක් අතැතිව සිටින පියා දැකගැනීමට හැකිවූ බවත් ඒ අවස්ථාවේ පියා තමාව බදාගනිමින් හැඩූ බවත් බාල දියණිය පොලිසිය හමුවේ පවසා තිබේ. ඉන්පසු පියා නාන කාමරයට යන බව පවසා පිටව ගොස් ඇති අතර මදවේලාවකට පසු ගෙරවිලි ශබ්දයක් තමාට ඇසුණු බවත් , එහි ගොස් බැලීමේදී පියා එල්ලී සිටින ආකාරය දැකගන්නට ලැබුණු බවත් දැරිය පවසා ඇත.
එමෙන්ම සිදු කළ වැඩිදුර විමර්ශන වලදී මියගිය චම්පික නිලන්ත මන්ත්‍රීවරයා විසින් ලියන ලද බව කියන පිටු 4ක ලියුමක්ද මෙහිදී විමර්ශන නිලධාරීන්ට හමුව තිබේ. එහි කොටසක් පහතින් උපුටා දක්වා තිබේ.
''විජේසිංහ උඹට ශාප වේවා..මට මරණ තර්ජනය කරලා ගේ විකුණන්න බැරිනම් උඹව මරනවා කියලා හැම වෙලාවේම තර්ජනය කරනවා. දුවගේ ස්කෝලේ ළඟට ඇවිත් දවසක් දුව ළඟ ඉන්නකොට කොලරයෙන් අල්ලා ගෙදර ඇවිල්ලා අත්සන් කරන්න කියනවා.මට අත්සන් කරන්න බෑ කිව්වාම යකඩෙකින් ඔළුවට ගැහුවා. තවමත් නළලට උඩින් ඒ කැළල තියෙනවා."
සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණය මහනුවර මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා විසින් සිදුකළේය. ඒ අනුව මියගිය මන්ත්‍රීවරයා ප්‍රදේශයට විශාල සේවයක් සිදු කළ පුද්ගලයකු බවත් ඔහුගේ වියෝව දරා ගත නොහැකි බවත් ප්‍රදේශවාසීන් කම්පාවෙමින් ප්‍රකාශ කළේය.
