දියලුණු මිල දියවෙලාලු! - ඇමති හඳුන්නෙත්ති කියයි

Sunil Handunnetti Current Political Scenario National People's Power - NPP Sinhala news
By Shehan Apr 29, 2025 04:20 AM GMT
Shehan

Shehan

Report

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ, දියලුණු කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 25ක් පමණ වන බැවින්, දැනට වෙළෙඳපොළේ රුපියල් 180ට අලෙවි වන දියලුණු කිලෝවක් ඉදිරියේදී රුපියල් 50ට අලෙවි කිරීමට පියවර ගන්නා බවයි.

ඔහු මේ බව පැවසුවේ මුවන්ගල, උක්සිරිපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ය.

වසන්ත සජිත්ට කින්ඩි දාපු හැටි

වසන්ත සජිත්ට කින්ඩි දාපු හැටි

අමාත්‍යවරයා සඳහන් කළේ, වෙළෙඳපොළේ සීනි අලෙවිය පුද්ගලයන් පස්දෙනකුගේ ඒකාධිකාරය යටතේ පවතින බැවින් සීනි මිල ඉහළ ගොස් ඇති බවයි.

ඒ නිසා, දේශීය වෙළෙඳපොළේ අලෙවියට නොහැකි වුවහොත්, විදේස් රටවලට අපනයනය කර හෝ සීනි ඒකාධිකාරය බිඳ දමා සීනි කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

පොල් මිල යළි ඉහළට

පොල් මිල යළි ඉහළට

හිඟුරාණ ගල්ඔය සීනි කර්මාන්තයෙන් 51%ක් රජය සතු වුවත්, එම අයිතිය රජයට හිමි නොවන බව පැවසූ අමාත්‍යවරයා, තවමත් මේ සම්බන්ධයෙන් සමාගමට බලපෑම් නොකළ නමුත්, නීත්‍යානුකූලව අදාළ පියවර ගන්නා බව වැඩිදුරටත් සඳහන් කළේය.

ReeCha