වර්ජනය කල තැපැල් සේවකයන්ව සේවයෙන් නෙරපයි?
තැපැල්පතිවරයා විසින් සියලුම තැපැල් සේවකයන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ බව සඳහන් කරමින් 2025.08.17 දින සිට අඛණ්ඩව නිවාඩු ලබා සිටි සියලු තැපැල් සේවකයන් වෙත තැපැල්පති ඩී.එම්.ඩී.ආර්.බී. සත්කුමාර මහතා විසින් ලිපියක් නිකුත් කර තිබේ.
එම ලිපියෙහි මෙසේ සඳහන් වේ.
2025 අගෝස්තු මස 05 වන දින සිට ඇරඹි වර්ජනය හේතුවෙන් තැපැල් සේවාවන් අඩාල වී ඇති අතර, තැපැල් සේවකයන්ට නිවාඩු අනුමත කර නොමැති බැවින් සියලුම තැපැල් සේවකයන් වහාම සේවයට වාර්තා කළ යුතුයි.
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන්ගේ සේවය අතහැර දැමූ සේ සලකා කටයුතු කිරීමට සිදුවන බව ද තැපැල්පතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.
තවද, රාජකාරි සඳහා වාර්තා කිරීමට නොහැකි අසනීප තත්වයක් ඇති සේවකයින් වෙත එම සේවය කරනු ලබන වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද සහතිකයක් ඉදිරිපත් කරන ලෙස ද තැපැල්පතිවරයා නියම කරයි.
මීට අමතරව, තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් නොවන නිලධාරීන්ගේ සේවා තොරතුරු XV වන පරිච්ඡේදයේ විධිවිධාන අනුව කටයුතු කරන ලෙස ද දැනුම්දී තිබේ. මෙම නිවේදනය අනුව, සියලුම තැපැල් සේවකයන් වහාම සේවයට වාර්තා කළ යුතු අතර, එසේ නොකරන අයගේ සේවය අතහැර දැමූ සේ සලකා කටයුතු කරනු ඇත.
