උගන්ඩා රැජිනි නිලන්ති කොට්ටහච්චි ආර්ථික අර්බුදයට හේතු කියයි

Parliament of Sri Lanka Latest Headlines Sinhala news NPP Government Nilanthi Kottahachchi
By Shehan Aug 21, 2025 05:43 PM GMT
Shehan

Shehan

Report

මේ වන විට සෑම ව්‍යාපෘතියකින්ම 10%ක් ගන්නා දේශපාලඥයින් නොමැති බවත්, දූෂණයකින් තොරව රටේ ඉදිකිරීම් කර්මාන්තය ගොඩනැඟීමට හැකියාව ඇති බවත් ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

විපක්ෂය රට කළමනාකරණය කළ ආකාරය අනුව කටයුතු කළා නම් "අපටත්" වාහනයක් ගැනීමට හැකියාව තිබූ බවත්, ඉතාම අදූරදර්ශී ලෙස දේශපාලඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් කටයුතු කළ නිසා රට දේශපාලන අස්ථාවරත්වයක් සමඟ මූල්‍ය අර්බුදයක් කරා ගිය බවත් ඇය සඳහන් කළාය.

බණ්ඩාරගම වෙඩිල්ලෙන් එලොව ගියේ මදූෂ් එක්ක අල්ල ගත්තු හිටපු බන්ධනාගාර නිලධාරියද?

බණ්ඩාරගම වෙඩිල්ලෙන් එලොව ගියේ මදූෂ් එක්ක අල්ල ගත්තු හිටපු බන්ධනාගාර නිලධාරියද?

මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. එහිදී ඇය වැඩිදුරටත් මෙසේද පැවසුවාය;

"ඉතාම අදූරදර්ශී විදිහට දේශපාලඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් කටයුතු කරපු නිසා තමයි ඒ දේශපාලන අස්ථාවරත්වයක් එක්ක මේ රට මූල්‍ය අර්බුදයක් කරා ගියේ. එතකොට අපේ රටේ රැකියා ලක්ෂ ගණනින් අහිමි වුණා. පෙදරේරුවෝ, JCB යන්ත්‍ර ක්‍රියාකරුවෝ, අත් උදව්කරුවෝ, ගබඩා භාරකරුවෝ, ගිණුම් ලිපිකරුවෝ, කොන්ත්‍රාත්කරුවෝ, මේ හැමෝටම ලක්ෂ ගණන් තමන්ගේ රැකියා අහිමිවී තිබුණා.

ඩොකාලා නර්ස්ලා මේට්‍රන්ලා කන්නෑ බොන්නෑ චූ යන්නෑ කිසි දෙයක් කරන්නෑ ඕවර් ටයිම්, ඇඟිල්ල තියන් නැති හේතුව කනේ ඇඟිලි ගහගන්න කියන අර්ච්චුනා

ඩොකාලා නර්ස්ලා මේට්‍රන්ලා කන්නෑ බොන්නෑ චූ යන්නෑ කිසි දෙයක් කරන්නෑ ඕවර් ටයිම්, ඇඟිල්ල තියන් නැති හේතුව කනේ ඇඟිලි ගහගන්න කියන අර්ච්චුනා

ඒ වගේම මහා පරිමාණ මාර්ග සංවර්ධන ව්‍යාපෘති අතරමග නතර කරන්න සිද්ධ වුණා. අහස උසට ගොඩනැගෙන ගොඩනැගිලි ඒවා අතරමඟ නතර කරන්න සිද්ධ වුණා. එතකොට කවුද මේකට වග කිව්වේ? ඔය කියන විදියට විපක්ෂය හරියට මේ රට කළා නම්, මේ රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කළා නම්, එහෙනම් විපක්ෂය කියන විදිහට වාහන අපිටත් ගන්න තිබුණා. එහෙම ගන්න බැරි උනේම එදා ආණ්ඩු කරපු අය මේ රට හරියට කරපු නැති නිසා කියන එක තේරුම් ගන්න තරම් මේ අය පසුබසින්නේ ඇයි කියන එක අපි කල්පනා කරන්න ඕන.

නාමල් ඝාතනයක් සැලසුම් කළාද? - YouTube වීඩියෝවක් නිසා නාමල් CIDට

නාමල් ඝාතනයක් සැලසුම් කළාද? - YouTube වීඩියෝවක් නිසා නාමල් CIDට

එතකොට නව වටේකින් මේ රටේ මහජනතාව ජනවරමත් දීලා තියෙනවා රටම එකම වැඩබිමක් බවට පත්කරන්න. දැන් ඉදිකිරීම් කර්මාන්තය යළි පණ ගසා නැගිටිමින් තිබෙනවා, යළි හිස ඔසවා තිබෙනවා. රැකියා නිර්මාණය වෙලා තියෙනවා. වෙළඳපොළ ශක්තිමත් වෙලා තියෙනවා.

ආයෝජකයන් ලංකාවට එනවා. ඒ වගේම විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා, වංචාවකින් තොරව, දූෂණයකින් අක්‍රමිකතාවකින් තොරව මේ රටේ ඉදිකිරීම් කර්මාන්තය ගොඩනංවන්න පුළුවන් කියලා. මොකද හැම ව්‍යාපෘතියකින්ම 10%ක් ගහන දේශපාලඥයින් නෑ. මිස්ටර් 10%ලා නෑ."

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

රාජ්‍ය ආයතන වලට සතියක් සතියකින් මේ දේවල් අයින් කරන්න ඕනි

රාජ්‍ය ආයතන වලට සතියක් සතියකින් මේ දේවල් අයින් කරන්න ඕනි