රටටත් ලැජ්ජයි - සිංගප්පූරු ජාතිකයව බය කරලා සැරයන් හා පීසි සල්ලි අරන්

Sri Lanka Police Crime Law and Order Latest Headlines Sinhala news
By Ashfa Aug 21, 2025 01:44 PM GMT
Ashfa

Ashfa

Report

සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම්වැටි දෙකකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට යැයි පවසා රුපියල් 30,000/= ක මුදලක් ලබාගත් බව කියන බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන තෙක් ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා විසින් නියෝග කර ඇත.

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් රියැදුරෙක් වන අතර පැමිණිලිකාර සිංගප්පූරු ජාතිකයා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරින් ත්‍රිරෝද රථය නවතා සිංගප්ගපුරු ජාතිකයාගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී දුම්වැටි දෙක හමුවී ඇතැයි විමර්ශකයින් අධිකරණයට පවසයි.

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

විමර්න නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, එම අවස්ථාවේදී මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා එම විදේශීය ජාතිකයාට පවසා ඇත්තේ මෙය අධිකරණයට ඉදිරිපත් කළහොත් රුපියල් 50,000/= ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් එසේ නොකිරීමට රුපියල් 40,000/= ක් ඉල්ලා තිබේ.

ඒ අනුව සැකකරුවන් විදේශිකයාගෙන් අදාළ මුදලින් රුපියල් 30,000/= ක මුදලක් ලබාගෙන ඇතැයි ද විමර්ශන නිලධාරින් අධිකරණයට පවසා ඇත.