ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීමේදී වංචාවක් සිදුකිරීමට ආණ්ඩුව සූදානම් - ඩී.වී. චානක

Report

ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීමේ ක්‍රියාවලියේදී වංචාවක් සිදුකිරීමට වත්මන් ආණ්ඩුව සූදානම් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.

ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ටෙන්ඩර්කරුවන්ට සති 06ක කාලයක් ලබාදිය යුතු බවට මාර්ගෝපදේශයක් පවතින බව අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී චානක මහතා සඳහන් කළේය.

එහෙත්, ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීමේදී වත්මන් ආණ්ඩුව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරමින් එම සති 06ක කාලය සති 05ක් දක්වා අඩු කරගෙන ඇති බවත්, නැවත ජාතික ප්‍රසම්පාදන කොමිසම හමුවට ගොස් ගල් අඟුරු හිඟයක් ඇති වේ යැයි පවසා සති 03කට අඩු කරගැනීමට ඉල්ලා සිට ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

පළමු වතාවට ජාත්‍යන්තර ටෙන්ඩරයක් සති 03කින් අවසන් වීමට නියමිත බවත්, තමන්ගේ ගජ මිතුරකුට ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීමට අවශ්‍ය පසුබිම ආණ්ඩුව සකස් කරමින් ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මෙම ක්‍රියාවලියට අත්සන් කිරීමට නොහැකිව ආයතනයේ සභාපතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට අමාත්‍යාංශයට යොමු කර ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වර්ජනය කල තැපැල් සේවකයන්ව සේවයෙන් නෙරපයි?

වර්ජනය කල තැපැල් සේවකයන්ව සේවයෙන් නෙරපයි?

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්