පාකිස්ථානයේ මහ වැසි හා ගංවතුරෙන් 400කට අධික පිරිසක් මියයයි

Pakistan Latest Headlines Sinhala news Flood Disaster
By Shehan Aug 21, 2025 05:06 PM GMT
Shehan

Shehan

Report

පාකිස්ථානයට මේ වන විට බලපා ඇති මෝසම් වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල විනාශකාරී තත්ත්වයක් ඇති වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෝසම් වර්ෂාව ආශ්‍රිත සිදුවීම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති අතර, ගංවතුර සහ නායයෑම් රටෙහි බොහෝ ප්‍රදේශ දිගින් දිගටම විනාශ වෙමින් පවතින බැවින් පසුගිය සතිය වනවිට රටපුරා මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ.

ඩොකාලා නර්ස්ලා මේට්‍රන්ලා කන්නෑ බොන්නෑ චූ යන්නෑ කිසි දෙයක් කරන්නෑ ඕවර් ටයිම්, ඇඟිල්ල තියන් නැති හේතුව කනේ ඇඟිලි ගහගන්න කියන අර්ච්චුනා

ඩොකාලා නර්ස්ලා මේට්‍රන්ලා කන්නෑ බොන්නෑ චූ යන්නෑ කිසි දෙයක් කරන්නෑ ඕවර් ටයිම්, ඇඟිල්ල තියන් නැති හේතුව කනේ ඇඟිලි ගහගන්න කියන අර්ච්චුනා

පාකිස්ථානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, මෝසම් වැසි සැප්තැම්බර් මැද භාගය දක්වා පැවතිය හැකි බවයි.

රට තුළ උතුරු කඳුකර ප්‍රදේශවල ගංවතුර හා නායයෑම්, දකුණු ප්‍රදේශවල ජල ගැලීම් බහුලව දක්නට ලැබෙන බවත්, මෙම තත්ත්වය දේශගුණික විපර්යාස හේතුවෙන් තවදුරටත් උත්සන්න වී ඇති බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

පාකිස්ථානය, දේශගුණික විපර්යාසවලින් බැටකන ලෝකයේ අවදානම් රටවල් අතුරින් එකකි. මෙම තත්ත්වය රටේ යටිතල පහසුකම්, ආර්ථිකය, සහ ජනතාවගේ ජීවන තත්ත්වයට බරපතල බලපෑම් එල්ල කරමින් ඇත. 

නාමල් ඝාතනයක් සැලසුම් කළාද? - YouTube වීඩියෝවක් නිසා නාමල් CIDට

නාමල් ඝාතනයක් සැලසුම් කළාද? - YouTube වීඩියෝවක් නිසා නාමල් CIDට

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්