වසන්ත සජිත්ට කින්ඩි දාපු හැටි
අමාත්‍ය වසන්ත සමරසිංහ පවසන්නේ, ජනතාව ලබාදුන් ඡන්ද බලය සහ ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවයි.
ජනතාව විසින් ආණ්ඩුවට මාස 60ක කාලයක් සඳහා බලය පවරා ඇති අතර, ඉන් මාස 5ක් පමණක් ගෙවී ඇති බවත්, තවත් මාස 55ක කාලයක් ඉතිරි ඇති බවත්, ඔහු ජන හමුවකදී පැවසීය.
දෙසැම්බර් වන විට සජිත් ප්‍රේමදාස ජනාධිපති වන බව මන්ත්‍රී කබීර් හෂීම් මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කළ බව සඳහන් කළ වසන්ත සමරසිංහ මහතා, බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසා ඇත්තේ, සජිත් දෙසැම්බර් ජනාධිපති වන්නේ නම්, තමන් ජනවාරියේ ජනාධිපති වන බවයි.
මෙවැනි ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ ඔවුන් කිසිදු අවස්ථාවක ජනාධිපති ධුරයට පත් නොවන බව යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.