ප්‍රවීණ අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක ඉල්ලන විදිහට චාන්ස් එකක් දෙන්නම් කියලා කාන්තාවන්ගේ නිරුවත ගෙන්න ගෙන, මුන්ට මොනවා නොකළත් මදි

Report

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායන මහතා ලෙස පෙනී සිටිමින් චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බව කියමින් රටේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එම සිද්ධියේ සැකකරු අද (21) දින අධිකරණයේදී ඒ මහතාගෙන් සමාව අයැද සිටි බව වාර්තා වේ.

ඒ අනුව සැකකරු අධිකරණය හමුවේ සඳහන් කළේ දිසානායක මහතාට සිදුවූ අපහාසය හා අපකීර්තිය සම්බන්ධයෙන් තමා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සමාව අයැද සිටීමට වුවද කැමති බවයි.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග ඉදිරියේ කැදැවූ අවස්ථාවේදී.

එසේම අඳාළ සැකකරු තම නීතිඥවරයා මඟින් අධිකරණයේදී මෙසේ සමාව ඉල්ලා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර පුද්ගලයා බන්ධනාගාරය මඟින් අද (21) දින අධිකරණයට ඉදිරිපත් කළා.

මේ අතර පැමිණිලිකාර සෝමරත්න දිසානායක මහතා සඳහා පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ සැකකාර පුද්ගලයාගේ මෙම ක්‍රියාව තුළින් සෝමරත්න දිසානායක මහතාගේ කීර්තිනාමයට බරපතළ ලෙස හානි සිදුව තිබෙන බවයි.

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

තවද ‍සැකකරු වරද පිළිගැනීමට සූදානම් වුවත්, තම සේවාදායකයා ඔහුගෙන් වන්දි මුදලක් බලාපොරොත්තු නොවන බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු රුපියල් මිලියනයක ශරීර ඇපයක් මත මුදා හරිමින් සැකකරුට විරුද්ධව චෝදනා පත්‍රයක් ගොනු කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

කෙසේ වෙතත් මෙසේ ඇප මත මුදා හැරුණේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි ඉසුරු මධුමාල් (26) නැමති තැපැල් සේවකයෙක්.

සෝමරත්න දිසානායක මහතා මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ යම් අයෙක් තම ඡායාරූපය යොදා සකස් කර ගත් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට ගෙන්වාගෙන තමාගේ කීර්ති නාමයට අපහාසයක් හා අපකීර්තියක් කර තිබෙන බවයි.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ